ආයුබෝවන්!

Lecturify වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අපි ඔබට ඕපන් බීඑස්ඩී සහ ලිනක්ස් මත ධාවනය වන සේවාවන් සපයන්නෙමු. එපමණක් නො ව ඔබේ ම පරිගණකය තුළ එම සේවාවන් ධාවනය කිරීමට ද අපි ඔබට උදව් කරමු.

විනාඩි දෙකෙන් පන්තියකට ලියාපදිංචි වන්න.

තත්පර 5ක් තුළ චැට් එකට එක් වෙන්න.

අප සපයන සේවා

IRC:

  • ඔබ ඔන්ලයින් නොමැති විට IRC සර්වර සමඟ සම්බන්ධ වී සිටීම සඳහා ZNC
  • ඔබ ඔන්ලයින් නොමැති විට IRC සර්වර සමඟ සම්බන්ධ වී සිටීම සඳහා TheLounge
  • ඔබ ඔන්ලයින් නොමැති විට IRC සර්වර සමඟ සම්බන්ධ වී සිටීම සඳහා gamja + soju සංකලනය.

ඉහත දැක්වෙන IRC සේවාවන්ගෙන් එකක ගිණුමක් ලබාගැනීම සඳහා irc.lecturify.net port 6667 (PlainText) / 6697 (SSL) ඔස්සේ අපේ IRC සර්වරය සමඟ එක් වන්න.

ඉන් පසු #lecturify චැනලයට එක් වී

  • ZNC ගිණුමක් ඉල්ලුම් කිරීම සඳහා '!bnc' ටයිප් කරන්න.
  • TheLounge ගිණුමක් ඉල්ලුම් කිරීම සඳහා '!requestthelounge' ටයිප් කරන්න.
  • gamja+soju ගිණුමක් ඉල්ලුම් කිරීමට !requestsoju ටයිප් කරන්න.

සමාජ ජාල සේවා:

  • Toard, නිර්නාමික රූප පුවරුවක්.

  • xmpp චැට් සේවාව, මේ සඳහා XMPP මෘදුකාංගයක් අවශ්‍ය ය.

  • Matrix, කෙළවර අතර සන්නිවේදනය ගුප්ත කේතනය කෙරුණු ක්ෂණික පණිවිඩ සේවාව matrix.org.

  • nostr [wss://nostr.lecturify.net], වාරණයට ප්‍රතිරෝධය දක්වන ගෝලීය ජාල සඳහා විවෘත ප්‍රොටොකෝලයක්. මේ සඳහා විශේෂ මෘදුකාංගයක් අවශ්‍ය කෙරේ.

  • Bostr, nostr භාවිතයේ දී බෑන්ඩ්විඩ්ත් ඉතිරි කරගැනීම සඳහා යොදාගැනෙන පිළියැවුම් සමුච්චකයක්.

  • Pleroma, සන්ධීය සමාජ මාධ්‍ය වේදිකාවක්.

  • Misskey, තවත් සන්ධීය සමාජ මාධ්‍ය වේදිකාවක්.

ක්‍රීඩා සහ වීඩියෝ

PHP සහිත වෙබ් හොස්ටිං හා වර්චුවල් සර්වර අපෙන් කුලියට ලබා ගත හැකි ය.

Lecturify සමඟ එක් විය යුතු ඇයි?

අප සන්නිවේදනය කරන්නේ IRC චැට් මාධ්‍යය ඔස්සේ බැවින් වීඩියෝ හෝ හඬ භාවිත නො වේ. මෙය සකසුරුවම්, කාර්යක්ෂම, අවම බෑන්ඩ්විඩ්ත් වැය වන හා නිදහස් මෘදුකාංග ඔස්සේ සිදු කළ හැකි සන්නිවේදනයකි. මෙලෙස සිදු කරන සාමූහික සන්නිවේදනය සහයෝගයෙන් වැඩ කිරීමටත්, ඔබ වැනි UNIX හා ඩිජිටල් ආරක්ෂාව ගැන උනන්දු වන අලුත් පුද්ගලයින් හඳුනාගැනීමටත් අගනා අවස්ථාවක් සම්පාදනය කරයි.

අපි ඔන්ලයින් පුහුණු අවස්ථා ද සලසන්නෙමු

අපේ මෘදුකාංග

IRC චැට් ඔස්සේ මඟපෙන්වීම් හා උපදෙස් සපයන, පර්ල් භාෂාවෙන් ලියා ඇති Lbot http://lecturify.net/lbot.zip. ssh, ජනමාධ්‍යවේදය, යුනික්ස්, ගණිතය, latex හා වෙනත් විවිධ මාතෘකා ගැන පැවැත්වෙන පන්ති සඳහා අවශ්‍ය උපදේශාවලි මෘදුකාංග එයට ඇතුළත් ය.

වැඩි විස්තර සඳහා LBot බලන්න.

වැඩි විස්තර

වැඩිදුර තොරතුරු සඳහා අප සපයන සේවාවන්, ඒවාට අදාළ රීති හා පුවත් බලන්න.

අප ගැන

අප සියලු දෙනා මේ කටයුතු කරන්නේ ස්වේච්ඡාවෙනි. අප ගැන, අපව ඇමතිය හැකි අයුරු සහ අපේ මාර්ග සිතියමට දායක විය හැකි අයුරු ගැන වැඩිදුර දැනගන්න.

ප්‍රතිරූපණ අයිතිය

මේ වෙබ් අඩවියේ අන්තර්ගතය ප්‍රසිද්ධ අවකාශයට (පබ්ලික් ඩොමේනයට) සමාන අන්ලයිසන්ස් බලපත්‍රය යටතේ පවතී.

අප පරිවර්තනය සඳහා යොදාගන්නේ Weblate මෘදුකාංගය යි.


අප සපයන සේවාවන් ඔබට ප්‍රයෝජනවත් නම්, අපේ Liberapay ගිණුමට මුදල් ප්‍රදානයක් කිරීමෙන් අපේ වැඩකටයුතුවලට උදව් වීමට ඔබට පුළුවන්.

අපට උදව් කරන වෙබ් අඩවි:

වැලි පෙට්ටිය